චීනය බංග්ලාදේශයට හදිසි මානුෂවාදී වෛද්‍ය සහනාධාර ලබා දෙයි
2024-09-22 15:04:55
Share with:
චීනය බංග්ලාදේශයට හදිසි මානුෂවාදී වෛද්‍ය සහනාධාර ලබා දීමට සැරසෙන බව චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගතා කාර්යාංශයේ පුවත් ප්‍රකාශක ලී මිං මහතා අද(22) ප්‍රකාශ කර ඇත. බංග්ලාදේශයේ මෑතකදී සිදුවූ නොසන්සුන් තත්ත්වයෙන් තුවාල ලැබූ පුද්ගලයින්ට සහන ලබා දීමේ කටයුතුවලට එරටට උපකාර කිරීම සඳහා චීන වෛද්‍ය කාණ්ඩායම් පිටත් කෙරෙනු ඇති බවත් එය සිදු කෙරෙන්නේ බංග්ලාදේශයේ ඉල්ලීමකට අනුව බවත් ඔහු කීය. තුවාල ලැබූවන්ගේ තත්ත්වය විමසා බැලීම, ඔවුන්ට ප්‍රතිකාර කිරීම, අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සැපයීම චීන වෛද්‍ය කණ්ඩායම්වලට පැවරෙනු ඇතැයි ද ලී මිං මහතා විස්තර කළේය.