"අනාගත බලශක්ති" තේමා වැඩසටහන නිව්යෝර්ක් හිදී
2024-09-22 18:19:15
Share with:

"අනාගත බලශක්ති" තේමා වැඩසටහන නිව්යෝර්ක් හිදී පැවැත්වෙයි.

ඊයේ (21) පැවති එම වැඩසටහන චීනය විසින් ආරම්භ කරන ලද ගෝලීය බලශක්ති අන්තර්ජාල සංවර්ධන සහයෝගීතා සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන විසඳුම් ජාලය ඒකාබද්ධව සංවිධාන කරන ලදී. 30කට අධික රටවල සහ ජාත්‍යන්තර සංවිධානවල 200කට වැඩි ආරාධිතයෝ එම අවස්ථාවට සහභාගි වූහ.

එම වැඩසටහන බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය සහයෝගීතාව, ලෝකයේ බලශක්ති පරිවර්තනය හා තිරසර සංවර්ධනය ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් "අනාගත බලශක්ති ප්‍රකාශය" නිකුත් කළේය. එක්සත් ජාතීන්ගේ චීනයේ නිත්‍ය නියෝජිත ‍Fu Cong මහතා එහිදී දේශනයක් පැවැත්වීය.

ජාත්‍යන්තර ප්‍රජාව එකමුතුභාවය හා සහයෝගීතාවය ශක්තිමත් කරමින්, තීව්‍ර වන දේශගුණික විපර්යාස සහ නිරන්තර ස්වාභාවික විපත් ඇතුළු අභියෝගවලට නිසි ප්‍රතිචාර දැක්විය යුතු අතර, සාධාරණ බලශක්ති සංක්‍රාන්තියක් හා තිරසර සංවර්ධන ඉලක්කය ඉටු කිරීම ප්‍රවර්ධනය කළ යුතු බව ඔහු කීය. චීනය හරිත හා අඩු කාබන් පරිවර්තනයේදී ප්‍රමුඛයෙක්, බලශක්ති පරිවර්තන ජාත්‍යන්තර සහයෝගීතාවයේ ප්‍රවර්ධකයෙක්, මෙන්ම ගෝලීය බලශක්ති සහ දේශගුණික පාලනය සඳහා දායකත්වය දක්වන්නෙක් බව ඔහු පැවසීය. හරිත වර්ණය, චීන මාදිලි නවීකරණයේ දීප්තිමත් වර්ණය බව ද Fu Cong මහතා එහිදී පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම