මැතිවරණ ඉතිහාසයේ සාමකාමීම මැතිවරණය පැවැත්වීමට හැකිවූ බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පවසයි
2024-09-22 16:47:49
Share with:
මැතිවරණ ඉතිහාසයේ සාමකාමී ලෙස මැතිවරණයක් පැවැත්වූ හොඳම මැතිවරණය මෙය බවට විශ්වාස කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21) පස්වරුවේ මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමිනි.
එමෙන්ම, ඔහු එහිදි වැඩිදුරටත් පැවසුවේ එම කාලය තුළ කිසිදු ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවූ බවයි.
2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම ඊයේ (21) උදෑසන 7ට ආරම්භ වූ අතර එය සවස 4ට නිමා විය.
මෙවර ඡන්ද විමසීම ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී සිදු කෙරිණ.