ලෙබනන තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් පවත්වයි.හිස්බුල්ලා සංවිධානය හා ඊශ්‍රායල හමුදාව අතර වෙඩි හුවමාරු සිදුවීම සහ හිස්බුල්ලා සාමාජිකයන්ට අයත් සංනිවේදන උපකරණ පුපුරායාමේ සිද්ධීන් ගෙන් පසු මෙම රැස්වීම පැවැත්විණ. දේශපාලන හා සාමය ගොඩනැංවීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහ ලේකම්වරයා පැවසුවේ ලෙබනනයේ හා කලාපීය තත්ත්වය අනතුරුදායක මට්ටමකට පැමිණ ඇති බවයි.ඊශ්‍රායල ලෙබනන සීමාවේ සෑම දිනකම පාහේ ගැටුම් සිදුවන බවද හෙතෙම කීය.
ඊශ්‍රායලයේ ක්‍රියාව ත්‍රස්තවාදී ආක්‍රමණයක් ලෙසට හඳුන්වාදුන් ලෙබනන විදේශ ඇමතිවරයා පැවසුවේ එය ජාත්‍යන්තර මානුෂීය නීතියේ මූලික මූලධර්ම උල්ලංඝනය කිරීමක් බවයි. සිවිල් වැසියන් ඉලක්කයන් බවට පත්ව ඇතැයිද ලෙබනන විදේශ ඇමතිවරයා කීය.ඊශ්‍රායලය ”මැර රාජ්‍යයක්” ලෙසට ප්‍රකාශ කළ හෙතෙම මෑත සිදුවූ ප්‍රහාර හෙළා දකිමින් 1701 වන යෝජනාව සම්මත කරන ලෙස ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලීමක් කළේය.