ලෙබනන-ඊශ්‍රායල තත්ත්වය තවදුරටත් උත්සන්න වීම වැළැක්වීම සඳහා උපරිම සංයමයකින් ක්‍රියා කරන ලෙස චීනය අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඊයේ (20) පැවති ලෙබනන-ඊශ්‍රායල තත්ත්වය පිළිබඳ හදිසි සමාලෝචන රැස්වීමේදී එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා ඒ බව පැවසීය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් හා කාලෝචිත පරීක්ෂණයක් සිදු කරන ලෙසත්, අදාළ සැලසුම් කරුවන්ගේ සහ ක්‍රියාවට නංවන්නන්ගේ වගකීම් පැහැදිලි කළ යුතු බවත් ඔහු එහිදී පැවසීය. හමුදා බලය යෙදවීම අත් හැර, ගාසා තීරයේ හමුදා මෙහෙයුම්, ලෙබනනයේ ස්වෛරීත්වය සහ ආරක්ෂාව උල්ලංඝනය කිරීම සහ කලාපය නව ව්‍යසනයකට ඇද දැමීමට දරන උත්සාහය වහා නතර කරන ලෙසට චීනය එහිදී ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කළේය.
ඊශ්‍රායලය තවදුරටත් වැරදි මාවතක ගමන් කිරීම වැළැක්වීම සඳහා, ඊශ්‍රායලයට බලපෑම් එල්ල කළ හැකි රටවල් ප්‍රායෝගිකව ක්‍රියා කළ යුතු බව Fu Cong මහතා එහිදී අවධාරණය කළේය.