චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභා පක්ෂ පාසලේ ‘ෂින්ජියං සුළු ජන වර්ග නිලධාරීන්ගේ පුහුණු පන්තිය’ස්ථාපිත කිරීමේ 70 වන සංවත්සරය නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වැදගත් උපදෙස් ලබා දෙයි.
ෂින්ජියං ප්‍රදේශය සඳහා වඩා වැඩි වගකීමෙන් යුතුව අවංකව කටයුතු කරන, පවිත්‍ර උසස් නිලධාරීන් පිරිසක් පෝෂණය කිරීම සඳහා එම පුහුණු පන්තියේ අධ්‍යයන කටයුතු වඩා ඉහළ ගුණාත්මකභාවයෙන් මෙන්ම වඩා ඵලදායිකව ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති ෂී ජීන් පිං මහතා ප්‍රකාශ කළේය.
පක්ෂ පාසලේ ‘ෂින්ජියං සුළු ජන වර්ග නිලධාරීන්ගේ පුහුණු පන්තිය’ ස්ථාපිත කිරීම, මධ්‍යම කාරක සභාවේ වැදගත් තීරණයකි. ගතවූ වසර 70 තුළ එම පන්තිය මගින් පක්ෂයට ලෙන්ගතු මෙන්, ශක්තිමත් සිද්ධාන්තමය ඥානය, මනා ප්‍රතිපත්තිමය අවබෝධය හා ජනතා සුබ සෙත වෙනුවෙන් වැඩ කරන විශිෂ්ට නිලධාරීන් පිරිසක් පුහුණු කර තිබේ. ෂින්ජියං ප්‍රදේශයේ ආර්ථික සමාජ සංවර්ධනය, සමාජ ස්ථාවරත්වය හා තිරසර සාමය සඳහා එම පන්තිය වැදගත් කාර්යභාරයන් ඉටු කර ඇති බවද ෂී ජින් පිං මහතා සඳහන් කළේය.
‘ෂින්ජියං සුළු ජන වර්ග නිලධාරීන්ගේ පුහුණු පන්තිය’ට යහපත් පහසුකම් හා ශක්තිමත් සහතිකය සැලසීම සඳහා, ‘පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අදාළ අංශවල උපදෙස්, ෂින්ජියං ප්‍රදේශයේ සම්බන්ධීකරණය, පක්ෂ පාසලේ ප්‍රධානත්වය’ යන සාධක මත, ඒ ඒ ප්‍රතිපත්ති ප්‍රායෝගිකව අනුගමනය කළ යුතු බවද ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේය.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභා පක්ෂ පාසලේ ‘ෂින්ජියං සුළු ජන වර්ග නිලධාරීන්ගේ පුහුණු පන්තිය’ ස්ථාපිත කිරීමේ 70 වන සංවත්සරය පිළිබඳ සාකච්ඡාව අද (21)බෙයිජිං හිදී පැවැත්විණ.