චීනය අප්‍රිකාවට ලබා දෙන ස‍හයෝගය කොංගෝ ජනරජයේ ජනාධිපතිවරයා ඉහළින් අගය කරයි
2024-09-21 17:25:16
Share with:

චීන අප්‍රිකා සහයෝගතා සාකච්ඡාවේ බෙයිජිං සමුළුව සැප්තැම්බර් මාසයේ මුල් කාලයේ පැවැත්විණ. කොංගෝ ජනරජය එම සාකච්ඡාවේ මීළඟ අප්‍රිකානු සම සභාපතිත්වය භාර ගැනීම එම සමුළුවේදී සිදු විය. අනතුරුව ජනාධිපති Denis Sassou-Nguesso මහතා චීන මාධ්‍ය සමූහයේ මාධ්‍ය වේදියෙකු සමග බෙයිජිංහිදී සම්මුඛ සාකච්ඡාවකට එක්විය.

   බෙයිජිං සමුළුවේ සමාරම්භක උළෙලේදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සිදු කළ දේශනයට අතිශ්‍ය වැදගත්කමක් හිමි බව Denis Sassou-Nguesso මහතා එහිදී විශේෂයෙන් අගය කරමින් අදහස් දැක්වීය. චීනය සමග විධිමත් රාජ්‍යතාන්‍ත්‍රික සම්බන්ධතා පවත්වන අප්‍රිකානු රටවල්, කුඩා හෝ විශාල හෝ වුවද, චීනය සමග සම්බන්ධතා උපායමාර්ගික මට්ටමට නංවන බව සිය දේශනයේදී ෂී ජින්පිං මහතා ගාම්භීර ලෙස ප්‍රකාශ කළ බව ඔහු සිහිපත් කළේය. චීනය අප්‍රිකානු රටවල්, විශේෂයෙන් ඌන සංවර්ධිත තත්ත්වයේ පසු වන රටවල් කෙරේ දක්වන සැලකිලි හා ස්ථිර සහයෝගය ඉන් පිළිබිඹු වූ බව ද ඔහු කීය. මේ අතර ගෝලීය දකුණු රටවල් වෙත එය පැහැදිලි සංඥාවකි. එනම්, අප්‍රිකාව හා චීනය අත්වැල් බැඳගෙන නව ගමනක් ආරම්භ කර තිබීම යැයි ද ඔහු පැවසීය.

චීනය  ඉදිරිපත් කළ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද කොංගෝ ජනරජයේ ජනාධිපතිවරයා අදහස් දැක්වීය. එම වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක සමස්ත යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව සම්පූර්ණ කිරීමෙන් පසුව, අප්‍රිකානු මහාද්වීපයේ නිදහස් වෙළඳ කලාපයේ සංවර්ධනය නව තලයකට නංවනු ඇතැයි තමා තරයේ විශ්වාස කරන බව ඔහු ප්‍රකාශ කළේය. අප්‍රිකානු රටවල් අතර හා ලෝකයේ සෙසු කලාපවල රටවල් සමග ආර්ථික වෙළඳ හුවමාරු, නිදහස්කරණ හා බාධාවන් විරහිත නව අදියරකට පිවිසෙනු ඇත. මෙබඳු ඉදිරි දැක්මක් කෙරේ තමා දැඩි විශ්වාසයකින් සිටින බව ද ජනාධිපතිවරයා කියා සිටියි. ඊට හේතුව, අප්‍රිකානු මහාද්වීපයේ නිදහස් වෙළඳ කලාපය සැබෑ කිරීමට නම්, දියුණු ගමනාගමන ජාලයන්, බාධාවකින් තොර විදුලි සන්නිවේදන පහසුකම් හා ස්ථාවර විදුලි සැපයුම අතිශයින් වැදගත් නිසා යැයි ද ඔහු පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20241015අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම