ජනාධිපතිවණ ඡන්ද විමසීම පැවැත්වේ
2024-09-21 15:18:05
Share with:

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම පැවැත්වේ.

ඒ අනුව අද (21) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්ද විමසීම සිදු කෙරේ.

මේ අතර මෙවර ජනාධිපතිවරණයේ ඡන්දය භාවිතය සඳහා සුදුසුකම් ලබා ඇති සමස්ත ඡන්ද දායකයින් සංඛ්‍යාව 17,140,354කි.

මැතිවරණ දිස්ත‍්‍රික්ක 22 අතරින් වැඩිම ඡන්දදායකයින් සහිත දිස්ත‍්‍රික්කය බවට ගම්පහ දිස්ත‍්‍රික්කය පත්ව ඇති අතර එම දිස්ත‍්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 1,881,129 දෙනෙකු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

කොළඹ දිස්ත‍්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 1,765,351 කි. 

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම