ගැමි ජනතාව හා ග්‍රාමීය සංවර්ධනයෙහි නිරත සේවකයින්ට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2024-09-21 17:21:58
Share with:

  හත්වැනි ‘චීන ගැමි ජනතාවගේ අස්වනු උළෙල’ නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ගැමි ජනතාව හා ග්‍රාමීය කටයුතුවල නිරතවන්නන්ට සුබ පැතුම් එක් කරයි.

මෙම වසරේ බරපතල ස්වභාවික විපත්වලින් මතුවූ දැවැන්ත දුෂ්කරතාවන් මග හැරීමට රට සමත් වූ අතර ගිම්හාන ධාන්‍යවල අස්වැන්න වැඩි වීම හා පෙර අස්වනු සමයේ වී අස්වැන්න ස්ථාවර තත්ත්වයක පවත්වා ගැනීම‍ට හැකිව තිබේ. මේ හේතුවෙන් සමස්ත වසරේ ‍පොහොසත් ධාන්‍ය අස්වැන්නක් අපේක්ෂා කළ හැකි යැයි ෂී ජින්පිං මහතා පෙන්වා දී තිබේ. එය රටේ ආර්ථික ප්‍රකෘතිය හා ඉහල ගුණාත්මක සංවර්ධනයට ශක්තිමත් රුකුලක් යැයි තමා විශ්වාස කරන බවද චීන ජනාධිපතිවරයා සඳහන් කරයි.

චීන මාදිලියේ නවීකරණය ඉදිරියට ගෙන යාමට, කෘෂි පදනම අඛණ්ඩව ශක්තිමත් කර ගනිමින් ග්‍රාමීය ප්‍රදේශයේ පූර්ණ පුනර්ජීවනය සැබෑ කිරීමට උත්සාහ කළ යුතු යැයි ෂී ජින්පිං මහතා අවධාරණය කළේය. විවිධ මට්ටම්වල පක්ෂ කමිටු හා රජයන්, ගැමි ජනතාව, කෘෂි කර්මාන්තය හා ග්‍රාමීය සංවර්ධනය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණ ගැඹුරින් අනුගමනය කළ යුතුය. එසේම කෘෂි කර්මාන්තයේ ඵලදායිතාව වැඩිදියුණු කිරීමටත් ගැමි ජනතාවගේ ආදායම වර්ධනය කිරීමටත් ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රාණවත්භාවය තවදුරටත් ප්‍රබෝධවත් කිරීමටත් හැකි සෑම අයුරකින්ම වෑයම් දරමින් ගැමි ජනතාවට ප්‍රායෝගික ප්‍රතිලාභ ලබා දිය යුතු බව ෂී ජින්පිං මහතා ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම