චීන-ඇමරිකා ආර්ථික ක්‍රියාකාරී කණ්ඩායමේ පස්වන රැස්වීම පැවැත්වෙයි
2024-09-21 15:58:37
Share with:

චීන-ඇමරිකා ආර්ථික ක්‍රියාකාරී කණ්ඩායම පස්වන රැස්වීම පවත්වයි.

චීන උප මුදල් අමාත්‍ය Liao Min මහතා සහ ඇමරිකානු භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් Jay Shambaugh මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 19 වනදා සිට ඊයේ (20) දක්වා එම රැස්වීම බෙයිජිං හිදී පැවැත්විණ. දෙරටේ ආර්ථික ක්ෂේත්‍රවල අදාළ අංශ ඊට එක්විය.

දෙපාර්ශ්වයේ ප්‍රධානීන් අතර San Francisco සාකච්ඡාව හා Guangzhou සාකච්ඡාව යන සාකච්ඡා දෙකේදී එළඹි වැදගත් එකඟතාවන්ට අනුව, දෙරටේ සාර්ව ආර්ථීක තත්ත්වය හා ප්‍රතිපත්ති, ගෝලීය තර්ජනයන්ට මුහුණ දීම මෙන්ම දෙපාර්ශ්වය පොදුවේ අවධානය යොමු කරන කරුණු සම්බන්ධයෙන් එහිදී ප්‍රායෝගික හා ඵලදායික ‍අයුරෙන් අදහස් හුවමාරු කර ගැනිණ.

ඇමරිකාව චීන නිෂ්පාදිතවලට පනවා ඇති අතිරේක තීරු බදු, ආයෝජනය සීමා, රුසියාව හා සම්බන්ධ සම්බාධක, ඇමරිකාව චීන ව්‍යවසායන් ගේ අයිතිවාසිකම්වලට පහර දීම හා බලපෑම් එල්ල කිරීම යන කරුණු කෙරෙහි එහිදී චීනය දැඩි ලෙස කනස්සල්ල පළ කර තිබේ. ඉදිරියේදී අඛණ්ඩව සංවාද  පැවැත්වීමට ද දෙපාර්ශ්වය එකඟවූහ.

  

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම