නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින් පිං මහතාගේ චින්තනයට අදාළ දත්ත සමුදාය 14 වැනි චීන ජාත්‍යන්තර ඩිජිටල් ප්‍රකාශන ප්‍රදර්ශනයේදී මාර්ගගතව නිකුත් කෙරේ.
අද (21) නිකුත් කෙරුණු එම දත්ත සමුදාය චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ මඟපෙන්වීම යටතේ මහජන ප්‍රකාශන ආයතනය ඇතුළු ආයතන ඒකාබද්ධව නිර්මාණය කර තිබේ. ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ වැදගත් කථා, ලිපි, උපදෙස්, සුබ පැතුම් ලිපි, පිළිතුරු ලිපි සහ අදාළ පොත් හා ප්‍රවෘත්ති වාර්තා එම දත්ත සමුදායට අයත්වන අතර ඒවා යාවත්කාලීන කිරීමද සිදු කෙරේ. නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින් පිං මහතාගේ චින්තනය අධ්‍යයනය කිරීම සඳහා, එම දත්ත සමුදාය විස්තීර්ණ තොරතුරු සපයයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින්ට පක්ෂයේ නව්‍ය න්‍යාය ගැඹුරින් අවබෝධ කර ගැනීමට එම දත්ත සමුදාය ප්‍රාමාණික ඩිජිටල් වේදිකාවක් ලෙසට සැලකේ.