චීන මහජන සමූහාණ්ඩුවේ 75 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් නයිජිරියාවේ දී
2024-09-20 21:19:35
Share with:

“මාගේ චීන කතන්දරය” නම් චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 75 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් විශේෂ උත්සවයක්  පසුගියදා(17)  නයිජිරියාවේ අබුජා අගනගරයේ දී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උපප්‍රධානි, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා වීඩියෝ තාක්ෂණයෙන් එහිදී දේශනයක් පැවැත්වීය. නයිජිරියාවේ චීන තානාපති යූ ඩුන්හයි මහතා සහ නයිජිරියානු මහජන කොංග්‍රසයේ චීන සබදතා කමිටුවේ සභාපති Jafaru Yakubu මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයෝ එම අවස්ථාවට එක් වෙමින් දේශන පැවැත්වූහ. 

ජාත්‍යන්තර මානව සංස්කෘතික හුවමාරු ශක්තිමත් කිරීම, ගෝලීය ශිෂ්ටාචාරයන් අතර සංවාද ප්‍රවර්ධනය කිරීම හා ජන හදවත් සන්නිවේදනය පුළුල් කිරීම තම ආයතනයේ වගකීම් ලෙස සලකන බව Shen Haixiong මහතා  ප්‍රකාශ කළේය. චීන සංස්කෘතියේ සියුම් සුන්දරත්වය සිතුවම් කරමින් මානවයින්ගේ ශිෂ්ටාචාර උරුමයන් සටහන් කරමින් දෘෂ්‍ය හා ශ්‍රව්‍ය සංග්‍රහයන් ගෝලීය ප්‍රේක්ෂකයින් වෙත තිළිණ කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම