ඊනියා ‘චීනයේ ද්වේෂසහගත බලපෑම්වලට’ එරෙහි වීම සඳහා වසර 2023 සිට 2027 දක්වා සමස්ත වශයෙන් ඇ.ඩො. බිලියන 1.6ක් වෙන් කිරීමට ඇමරිකානු මහජන නියෝජිත මණ්ඩලය පසුගියදා පනතක් අනුමත කර ඇත.
චීනයේ දේශපාලන ක්‍රමවේදයට පහර දීම පිළිබඳ පැරණි වාක්‍යාංශ හැරෙන්නට, ඇමරිකාවේ ‘ජාතික ආරක්ෂාව හා ආර්ථික ආරක්ෂාවට’ හානි වීම, ‘ජාත්‍යන්තර පටිපාටිය විනාශ කිරීම’ වැනි සුපුරුදු යෙදුම් ද එම පනත තුළ දැකිය හැකිය. ඒ අතරින්, ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ එහි වැඩි අපකීර්තියට ලක් වූවකි. එම වැඩපිළිවෙළ පිළිබඳ ව්‍යාජ තොරතුරු නිර්මාණය කරන ලෙසට එම පනත, ඇමරිකානු මුල්‍යාධාර ලාභීන් උසිගන්වා ඇත. ඇමරිකානු විද්වතෙකු වන Marcus Stanley මහතා සඳහන් කළේ, ඇ.ඩො. බිලියන 1.6ක්, සුවිශාල පිරිවැයක් වනු ඇති බවයි. ඇමරිකාව සිය ආධිපත්‍යය පවත්වා ගෙන යාමට උත්සාහ කිරීමේදී ඇති කාංසාව හා චීනයට අපහාස කිරීමෙන් දේශපාලන වාසී හඹා යන ඇතැම් ඇමරිකානු දේශපාලනඥයින්ගේ දැඩි අවශ්‍යතාව එම මුදල් ගණනින් පිළිබිඹු වන බව ද හෙතෙම පෙන්වා දී තිබේ.
චීනය අපකීර්තියට ලක් කිරීමේ අරමුණෙන් ආරම්භ කෙරුණු මෙබඳු ‘යුද්ධය’, මෑතකදී ඇමරිකානු මහජන නියෝජිත මණ්ඩලයේ දුෂ්ට ක්‍රියාවන්ගෙන් එකක් පමණි. සැප්තැම්බර් මාසයේ සැසිවාර යළි ආරම්භ කිරීමෙන් පසුව ඇමරිකානු මහජන නියෝජිත මණ්ඩලය විශේෂයෙන් සතියක කාලයකින් චීනයට අදාල පනත් සම්බන්ධයෙන් සාකච්ඡා රැසක් පැවැත්වීය. අපනයන සීමාව, හොංකොං හා තායිවාන ප්‍රශ්න ද ඊට අයත් විය.
වර්තමානයේ ඇමරිකාවේ දේශීය සමාජ ගැටුම් තියුණු වෙමින් පවතිද්දී ජන අප්‍රසාදය එන්න එන්නම වැඩි වෙමින් පවතී. චීනය සිය ප්‍රහාරක ඉලක්කය ලෙස සලකා ක්‍රියා කිරීම එරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේම ස්වභාවික තෝරා ගැනීමක් යැයි පෙනේ. ‘චීන තර්ජනය’ හුවා දැක්වීම මගින් දේශීය ගැටුම් කෙරේ ජනතාවගේ අවධානය වෙනස් කිරීම හා මැතිවරණය සඳහා වැඩි ඡන්ද ලබා ගැනීම යන අරමුණු දෙකම ඉටු කිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි.