චීන මාදිලියේ නවීකරණ සංවර්ධන අවස්ථා අඛණ්ඩව බෙදා ගන්නා බව චීනය පවසයි
2024-09-20 19:09:10
Share with:

චීන මාදිලියේ නවීකරණ සංවර්ධන අවස්ථා අඛණ්ඩව බෙදා ගනිමින් පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කරන බව චීනය පවසයි. 

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (20) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය. 2021වසරේ සැප්තැම්බර් මස 21 වැනිදා ෂී ජින් පිං මහතා එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනයේ  සාමාන්‍ය  විවාදයේදී ගෝලීය සංවර්ධන මුලපිරුම ඉදිරිපත් කළේය. ගතවූ වසර 3ක කාලය තුළ එම මුලපිරුම ජගත් ප්‍රජාවේ පොදු පිළිගැනීමට ලක්ව තිබේ.අදාළ මුලපිරුම ක්‍රියාත්මක කිරීමේ තත්ත්වය හා ඉදිරි සංවර්ධන සැලසුම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් Mao Ning  මහත්මිය ඒ බව විස්තර කළාය.

ගතවූ වසර 3ක කාලය තුළ රටවල් 100ක් හා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජගත් සංවිධාන රැසක් ගෝලීය සංවර්ධන මුලපිරුමට අනුබල දී ඊට සහභාගී වී තිබේ. “ගෝලීය සංවර්ධන මුලපිරුම පිළිබඳ මිත්‍ර කණ්ඩායමට” එක්වූ රටවල් සංඛ්‍යාව 80 ඉක්මවා ගොස් ඇති බව ඇය පැසුවාය. චීනය ස්ථාපිත කළ ‘ගෝලීය සංවර්ධනය හා දකුණු-දකුණු සහයෝගිතා අරමුදල’ ව්‍යාපෘති 150කට සහාය ලබා දී ඇති අතර, ‘ගෝලීයකරණ සංවර්ධන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ’ අන්තර් ජාලයේ සංවර්ධනය පූර්ණ ලෙස ආරම්භ කර ඇත.

චීනය ඒ ඒ පාර්ශ්වයන් සමග ගෝලීය සංවර්ධන මුලපිරුමේ සහයෝගිතා තහවුරු කරමින් චීන මාදිලියේ නවීකරණ සංවර්ධන අවස්ථා අඛණ්ඩව බෙදා ගන්නා බව ඇය ප්‍රකාශ කළාය. පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කරමින් චීනය එක්සත් ජාතීන්ගේ 2030 තිරසර සංවර්ධන ක්‍රියාදාමය ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමට උත්සාහ කරනු ඇතැයි ද ඇය එහිදී සඳහන් කළාය.


ගුවන් විදුලිය
20241109වැඩසටහන
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම