2024 බෙයිජිං සංස්කෘතික සංසදය ඇරඹේ
2024-09-20 11:04:06
Share with:

2024 වසරේ බෙයිජිං සංස්කෘතික සංසදය ආරම්භ වෙයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික මෙන්ම එහි ප්‍රචාරක දෙපාර්තමේන්තු ප්‍රධානි Li Shulei මහතා ඊයේ (19) ඇරඹුණු තෙදින සංසදයට එක්වෙමින් දේශනයක් පැවැත්වීය.

ෂී ජින්පිං මහතාගේ සංස්කෘතික චින්තනය චීනයේ සංස්කෘතික ගොඩනැගීම පිළිබඳ වැදගත් සන්ධිස්ථානයක් සටහන් කළ බව එම අවස්ථාවට එක් වූ දෙස් විදෙස් විද්වත් පිරිස කියාසිටියහ. එසේම, ගෝලීය සංස්කෘතික සංවර්ධනය සහ ශිෂ්ටාචාරයේ ප්‍රගතිය සහතික කිරීම සඳහා චීන ප්‍රඥාව දායක වන බව ද ඔවුහු පෙන්වා දුන්හ.

සංස්කෘතික උරුමයන් ශක්තිමත් කිරීම, අන්තර් ශිෂ්ටාචාර හුවමාරු පුළුල් කිරීම, ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම සහ ජාත්‍යන්තර මානව හුවමාරු හා සහයෝගිතා විධිමත්ව ක්‍රියාවට නැංවීම යන පියවරයන් හි වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණ. ලොව විවිධ රටවල ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය හා මිත්‍රත්වය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව ද එහිදී පෙන්වාදෙනු ලැබීය.

"සංස්කෘතික හුවමාරු පුළුල් කිරීම සහ පොදු ප්‍රගතිය සාක්ෂාත් කිරීම" මෙවර බෙයිජිං සංස්කෘතික සංසදයේ තේමාව යි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම