ෆුකුෂිමා න්‍යෂ්ටික විදුලි බලාගාරයේ න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් චීනය හා ජපානය පැමිණි එකඟතාවන් පිළිබඳ චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
2024-09-20 16:46:51
Share with:

ෆුකුෂිමා න්‍යෂ්ටික විදුලි බලාගාරයේ න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීමේ ප්‍රශ්නය පිළිබඳ චීනය හා ජපානය පැමිණි එකඟතාවන් සම්බන්ධ ‍තොරතුරු චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය පැහැදිලි කරයි.

  ජපානය හිතාමතාම සිය න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීමට චීනය දැඩි ලෙස විරුද්ධ වන අතර එම ස්ථාවරයේ වෙනසක් නැතැයි ඇය කීවාය. වත්මන් ජාත්‍යන්තර යාන්ත්‍රණවල සීමා හේතුවෙන් න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීමේ දී සිදු කෙරෙන ඇස්තමේන්තුව හා අධීක්ෂණය අසම්පූර්ණ අතර විනිවිදභාවය හා විශ්වසනීයත්වයෙන් ද අපොහොසත්ය. එය තවදුරටත් පරිපූර්ණ කිරීමේ අවශ්‍යතාව කැපී පෙනේ.

එවැනි පසුබිමක් තුළ න්‍යෂ්ටික දූෂිත ජලය  විද්‍යාත්මක ව, ඵලදායික හා ආරක්ෂිත ලෙස හැසිරවීම සඳහා චීන ජපාන එකඟතාව පදනමක් වී තිබේ. 

එම එකඟතාව තුළින්, චීනය කඩිනමින් ජපානයෙන් ජලජ නිෂ්පාදිත ආනයනය යළි ආරම්භ කිරීමක්  නොකියැවෙන බව ද ඇය පැහැදිලි කර ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම