චීන මාධ්‍ය සමූහය “බෙයිජිං සිට පැරිස් දක්වා”යන තේමාවෙන් නිපදවූ ඉහළ මට්ටමේ වැඩසටහන්වල ශ්‍රව්‍ය දෘශ්‍ය නිෂ්පාදන එළි දක්වයි. ඊට අදාළ උත්සවය ඊයේ (19) බෙයිජිං නුවරදී පැවැත්විණ.“චීන-ප්‍රංශ කලාකරුවන්ගේ ඔලිම්පික් ගමන”නම් කලා ප්‍රදර්ශනය හා චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පැරිස් ඔලිම්පික් උළෙලේදී දැක්වූ දක්ෂතා සටහන් වූ ශ්‍රව්‍ය හා දෘශ්‍ය නිෂ්පාදන 8ක් එහිදී එළි දැක්විණ.
චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් ශෙන් හයි ශියොං මහතා එම උත්සවයට එක් වෙමින් දේශනයක් සිදු කළේ ය. “බෙයිජිං සිට පැරිස් දක්වා”යන තේමාව යටතේ චීන මාධ්‍ය සමූහය ප්‍රංශ ඔලිම්පික් කමිටුව, ප්‍රංශ සංස්කෘතික අමාත්‍යාංශය හා ප්‍රංශ වෘත්තීය පාපන්දු ලීගය සමග එක්ව බහුමාධ්‍ය ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක කළ බව හෙතෙම එහිදී කියා සිටියේ ය. චීන- ප්‍රංශ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කිරීමේ 60වන සංවත්සරය සහ පැරිස් ඔලිම්පික් උළෙල නිමිති කරගෙන එම ක්‍රියාකාරකම් සංවිධාන කිරීමේදී චීන ජාතික ක්‍රීඩා මහ පරිපාලනය, චීන විදේශ අමාත්‍යාංශය සහ චීනයේ ප්‍රංශ තානාපති කාර්යාලය ඇතුළු ආයතනවලින් සහාය හිමිවූ බව ද ශෙන් හයි ශියොං මහතා සඳහන් කළේ ය. ඉදිරියේදී චීන මාධ්‍ය සමූහය මාධ්‍ය මෙහෙවර ඉටු කරමින් චීනය හා ප්‍රංශයේ විවිධ ක්ෂේත්‍රවල මිතුරන් හා හවුල්කරුවන් සමග සහයෝගිතා හා හුවමාරු වඩාත් ශක්තිමත් කිරීමට හැකිවනු ඇති බවට ද චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා බලාපොරොත්තු පළ කළේ ය.