ඊශ්‍රායල ආක්‍රමණය අවසන් කරන ලෙස ඉල්ලා සිටින එක්සත් ජාතීන්ගේ යෝජනාව මැද පෙරදිග පිළිගනී
2024-09-20 11:12:11
Share with:

වසරක් ඇතුළත ඊශ්‍රායලය තම ආක්‍රමණය අවසන් කළ යුතු බවට බල කෙරෙන යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ඊයේ(19) සම්මත කර ගැනීම මැද පෙරදිග ප්‍රශංසාවට ලක්ව තිබේ.

යෝජනාවට පක්ෂව ඡන්දය දුන් සහ පලස්තීන අයිතීන්ට සහාය දුන් රටවල් අගය කරන පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ, ජාත්‍යන්තර නීතිය අනුව කඩිනමින් සිය වගකීම් හා යුතුකම් ඉටු කරන ලෙසට ඊශ්‍රායලයට බල කරන ලෙසයි. එරට නිල පුවත් ඒජන්සිය වන WAFA මේ බව වාර්තා කළේය.

මේ අතර සෞදි විදේශ අමාත්‍යාංශය ද යෝජනාව සම්මත කර ගැනීම පිළිබඳව සිය ප්‍රසාදය පළ කර තිබේ. පලස්තීන ප්‍රශ්නයට සාධාරණ හා විස්තීර්ණ විසඳුමක් කරා ළඟා වීමට ප්‍රායෝගික සහ විශ්වසනීය පියවර ගැනීමේ අවශ්‍යතාවය අමාත්‍යාංශය අවධාරණය කර‍ ඇතැයි සෞදි පුවත්පත් ඒජන්සිය වාර්තා කළේය.

නිවේදනයක් නිකුත් කරමින් ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය පලස්තීන භූමි ප්‍රදේශය තුළ එහි පැවැත්ම අවසන් කර ඔවුන්ගේ නීති විරෝධී යටත් විජිත ජනාවාස උපරිම මාස 12 ක් තුළ ඉවත් කරන ලෙස අවධාරණය කර තිබේ.

ජාත්‍යන්තර අධිකරණ උපදෙස් සහ නීතිය යටතේ ඊශ්‍රායලය සිය සියලු නෛතික බැඳීම්වලට අනුකූල විය යුතු යැයි ඉල්ලා සිටින යෝජනාව පලස්තීන රාජ්‍යය විසින් 17 වැනිදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 10 වැනි හදිසි විශේෂ සැසියේදී ඉදිරිපත් කරන ලද අතර ඊට පක්ෂව ඡන්ද 124ක්, විරුද්ධව 14ක් සහ ඡන්දය දීමෙන් වැළකී සිටීම් 43ක් වාර්තා විය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම