චීන මහජන සමූහාණ්ඩුවේ 75 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් රියාද් හිදී
2024-09-20 21:31:56
Share with:

“මාගේ චීන කතන්දරය” නම් චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 75 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් විශේෂ උත්සවයක්  ඊයේ(19) සෞදි අරාබියේ රියාද් හිදී පැවැත්විණ. 

චීන මාධ්‍ය සමූහය,  සෞදි අරාබියේ චීන තානාපති කාර්යාලය හා සෞදි අරාබි විද්‍යාත්මක පර්යේෂණ හා තොරතුරු හුවමාරු මධ්‍යස්ථානය විසින් මෙම උත්සවය සංවිධාන කරන ලදී. චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනාරල් Shen Haixiong මහතා වීඩියෝ තාක්ෂණයෙන් එහිදී දේශනයක් පැවැත්වීය. 

“මාගේ චීන කතන්දරය” නම් උත්සවයට රටවල් 60ක මිතුරන්ගේ කතන්දර 1600කට වැඩි ප්‍රමාණයක් ලබා ඇති බව ඔහු එහිදී පැවසීය. එම කතන්දර ඔස්සේ සාමය හා සුන්දරත්වය කෙරෙහි විවිධ රටවල ජනතාවගේ පොදු අපේක්ෂාව පිළිබිඹු කෙරේ. ජාතික සීමාවන්, කාලය සහ අවකාශය ඉක්මවා යන ජනතාව අතර ශක්තිමත් මිත්‍රත්වයක් ඉන් මූර්තිමත් කෙරෙන බව ද Shen Haixiong මහතා පෙන්වා දුන්නේය. 


ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම