ජපාන රජය වසර 2023 අගෝස්තු මාසයේ 24වනදා ෆුකුෂිමා න්‍යෂ්ටික විදුලි බලාගාරයේ න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීම ආරම්භ කළේය. ඉන් වැඩි බලපෑම්වලට ලක් රටවලින් එකක් වන චීනය ජපානයේ වගකීමෙන් තොර ක්‍රියාවට දැඩි ලෙස විරෝධය පළ කර ඇත.
දෙරටේ අදාල අංශ මෑතකදී එම ප්රශ්නය පිළිබඳව සාකච්ඡා වට රැසක් පවත්වා පහත දැක්වෙන එකඟතාවන්ට එළඹ තිබේ.
1ජපානය සිය ජාත්‍යන්තර නීතියෙන් බැඳී ඇති යුතුකම් ක්‍රියාත්මක කරමින් මානව ශරීර හා පරිසරයට එල්ල වන ඍණාත්මක බලපෑම් අවම කිරීමට උපරිමයෙන් උත්සාහ කළ යුතුය. එමෙන්ම සාගර පරිසර අධීක්ෂණය හා සාගර ජෛව බලපෑම් ඇස්තමේන්තුව අඛණ්ඩව සිදු කළ යුතුය.
2 චීනය ඇතුළු බලපෑමට ලක් රටවල සැලකිලිවලට අනුව, ජපානය ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ රාමුව යටතේ න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීම පිළිබඳ ප්‍රධාන ක්‍රියාදාමය ආවරණය වන දිගුකාලීන ජාත්‍යන්තර අධීක්ෂණ සැකසීම පිළි ගෙන ඇත. එහිදී චීනය ඇතුළු එම රටවල ඵලදායි සහභාගිත්වය, එම රටවලට ස්වාධීනව අදාළ නියැදි ලබා ගැනීමට අවස්ථාව සලසමින් පරීක්ෂණාගාරවල විශ්ලේෂණ සිදු කිරීම සහතික කළ යුතුය.
3 ජෛව පරිසරය හා ජන ජීවිතයට උපරිම වගකීමෙන් යුක්ත ආකල්පයක සිට විද්‍යාව පදනම් කර ගෙන සංවර්ධනාත්මක සංවාද අඛණ්ඩව පවත්වමින් න්‍යෂ්ටික දූෂිත ජලය මුදා හැරීම පිළිබඳ ගැටළු නිසියාකාරයෙන් පාලනය කිරීමට චීනය හා ජපානය එකඟ වී තිබේ.
4 චීනයේ දේශීය නීතිරීති හා ලෝක වෙළඳ සංවිධානයේ නියාමනයන්ට අනුව, ජපානයේ ජලජ නිෂ්පාදිත කෙරේ හදිසි පියවර ගන්නා බව චීනය ප්‍රකාශ කර ඇත. ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ රාමුව තුළ පැවැත්වෙන දිගුකාලීන ජාත්‍යන්තර අධීක්ෂණයට චීනය ඵලදායිකව එක්වීම හා අදාළ රටවලට ස්වාධීනව අදාළ නියැදි ලබා ගැනීමට අවස්ථාව සැලසීම ඇතුළු අධීක්ෂණ ක්‍රියාත්මක කිරීමේ කොන්දේසිය මත, චීනය විද්‍යාත්මක සාක්ෂිවලට අනුකූලව විධිවිධාන සකස් කරමින් ප්රමිතීන් සපුරා ගන්නා ජපානයේ ජලජ නිෂ්පාදිතවල ආනයනය ක්‍රමයෙන් පුනරුත්ථාපනය කිරීමද එම එකඟතාවන්ට අයත් වෙයි.