ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වාණිජ ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා එකඟතාවට එළඹෙයි
2024-09-20 18:27:41
Share with:

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වාණිජ ණය හිමියන් සමග ඇමරිකානු ඩොලර් බිලියන 17.5ක ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා එකඟතාවට එළඹෙයි.

ඒ එම ණය ප්‍රමාණයේ වර්තමාන අගයෙන් 40.3%ක සහනයක්ද සමගිනි.

මේ සමග ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළේ සියලු අදියර සම්පූර්ණ කර ඇති අතර, නොබෝ දිනකින් ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් මිදුණු රටක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරෙනු ඇත.

ශ්‍රී ලංකාවට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවුණේ 2022 වසරේ මුල් භාගයේ සිටය. 

එම ආර්ථික අර්බුදය හමුවේ දේශීය සහ ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා යොමුවීමේ අරමුණ ඇතිව මෙරට මහ බැංකුව නිවේදනය කළේ, ශ්‍රී ලංකාවට විදෙස් ණය ගෙවීමේ හැකියාවක් නොමැති බවය.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අනුව යමින් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පළමුව අවසන් කෙරුණු අතර චීනය, ඉන්දියාව සහ අනෙකුත් ණය හිමියන් සිටින පැරිස් සමාජය සමග ද්වීපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණයටත්, ජාත්‍යන්තර බැඳුම්කරහිමියන් සමග ඊට අදාළ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහාත් සාකච්ඡා සිදු කෙරිණ.


ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම