"ගෝලීය දකුණ සඳහා පරමාණු" යන චීන සංකල්පය ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය පිළිගනී
2024-09-20 11:16:12
Share with:

චීනය ක්‍රියාකාරීව පෙනී සිටින "ගෝලීය දකුණ සඳහා පරමාණු" යන සංකල්පය ප්‍රථම වරට ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ මහා සම්මේලනයේ තීරණයන්ට ඇතුළත් වේ.

ඊයේ(19) පැවති එම ඒජන්සියේ 68වැනි මහා සම්මේලනය, “රටවල් 77තේ කණ්ඩායම සහ චීනය” ඒකාබද්ධව ඉදිරිපත් කළ ‘ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය සමඟ තාක්ෂණික සහයෝගිතා ශක්තිමත් කිරීම’ යන තීරණය සාකච්ඡා මගින් එකමතිකව සම්මත කළේය.

මෙහිදී, තාක්ෂණික සහයෝගිතා ශක්තිමත් කිරීම සඳහා සාමාජික රටවලට සහාය වීමට එම සංකල්පයේ ඇති වැදගත්කම ඒජන්සියේ ලේකම් කාර්යාලය අවධාරණය කර තිබේ. තාක්ෂණික සහයෝගිතාවට සහාය වීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට වැඩි සම්පත් ලබා දෙන ලෙස එම සංකල්පය සංවර්ධිත රටවලින් ඉල්ලා සිටී. එසේම එමගින් "ගෝලීය දකුණු "රටවල ශීඝ්‍ර තිරසර සංවර්ධනය සහතික කිරීම විශේෂත්වයකි.

එම තීරණය සම්බන්ධ සාකච්ඡාවලදී චීන පාර්ශ්වය ඉදිරිපත් කළ  "ගෝලීය දකුණ සඳහා පරමාණු" යන සංකල්පය සංවර්ධනය වෙමින් පවතින රටවල පුළුල් පැසසුමට ලක් වූ බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ චීන නිත්‍ය නියෝජිත Li Song මහතා එම සම්මේලනයේ දී කියා සිටියේය.

එම ඒජන්සියට එක්වීමේ 40වැනි සංවත්සරය සැමරීමේ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන, ඒජන්සිය සහ එහි සාමාජික රටවල් සමඟ සහයෝගිතා ප්‍රවර්ධනය කරමින් න්‍යෂ්ටික බලශක්ති හා අදාළ තාක්ෂණ සංවර්ධන අත්දැකීම් බෙදා ගැනීමට චීනය සූදානමින් සිටින බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම