චීන ජනපති චීන මහජන දේශපාලන උපදේශක සභාව ස්ථාපිත කිරීමේ 75වැනි සාංවත්සරික සම්මේලනය අමතයි
2024-09-20 18:39:09
Share with:

චීන මහජන දේශපාලන උපදේශක සභාව ස්ථාපිත කිරීමේ 75වැනි සාංවත්සරික සම්මේලනය පැවැත්වේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හා  චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ප්‍රධානත්වයෙන් අද(20) පෙරවරුවේ චීන මහජන දේශපාලන උපදේශක සභා ශාලාවේදී එය පැවැත්විණ.  චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊට එක් වෙමින් වැදගත් දේශනයක් සිදු කළේය. 

ගමන්මග, සංවර්ධන සිද්ධාන්තය, ක්‍රමවේදය, සංස්කෘතිය පිළිබඳ ස්වයං විශ්වාසය ශක්තිමත් කර ගත යුතු බව ඔහු එහිදී අවධාරණය කළේය. පූර්ණ ක්‍රියාදාමයේ ප්‍රජාතන්ත්‍රවාදය සංවර්ධනය කිරීමේදී මහජන දේශපාලන උපදේශක ක්‍රමවේදයේ කැපී පෙනෙන දේශපාලන ප්‍රතිලාභ වඩා පූර්ණ ලෙස විදහා පාමින් ප්‍රාණවත් මෙන්ම ස්ථාවර හා සමගි දේශපාලන සමස්තයක් තහවුරු කළ යුතු බව ඔහු ප්‍රකාශ කර ඇත.

මහජන දේශපාලන උපදේශක සභාව, චීන කොමියුනිස්ට් පක්ෂය විසින් විවිධ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ, නිර්පාක්ෂික පුද්ගලයින්, මහජන කණ්ඩායම්, විවිධ ජන වාර්ගිකයින් හා විවිධ පර්ෂදවල පුද්ගලයින් මෙහෙයවා නිර්මාණය කළ ශ්‍රේෂ්ඨ දේශපාලන ක්‍රමයක් යැයි පසුගිය වසර 75ක අත්දැකීම් තුළින් මනාව පිළිබිඹු වූ බව ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය. එය ගැඹුරු සංස්කෘතික, සිද්ධාන්තමය, ප්‍රායෝගික පදනමකින් සමන්විත අතර සුවිශේෂී චීන ලක්ෂණය හා කැපී පෙනෙන දේශපාලන ප්‍රතිලාභ පෙන්නුම් කර ඇත. එය විද්‍යාත්මක හා ඵලදායික ක්‍රමවේද සැකසීමක් වන අතර මානවයන්ගේ දේශපාලන ක්‍රම සංවර්ධන ඉතිහාසයේ විශේෂ දේශපාලන වටිනාකමක් හිමිවූවක් ලෙසට ද චීන ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබිණ.

නව යුගයේ නව ගමනක් ආරම්භ කිරීමේදී, මහජන දේශපාලන උපදේශක සභාව සිය දේශපාලන වගකීම් තරයේ මතක තබා ගෙන ‍චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙහි ද, එක්සත් පෙරමුණෙහිද නියැළී සිටිමින් සිය විශේෂ උපදේශක ආයතනයක කාර්යභාරය පූර්ණ ලෙස ක්‍රියාත්මක කළ යුතුය. එසේම එම සභාවට චීන මාදිලියේ නවීකරණය සඳහා ජන හදවත්, පොදු අදහස්, බුද්ධිය හා බලය පුළුල් ලෙස එක්රැස් කිරීමට කටයුතු කළ හැකි යැයි අපේක්ෂා කරන බව ද ෂී ජින්පිං මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20241012සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම