පලස්තීන භූමි ප්‍රදේශය නීති විරෝධීව අත්පත් කර ගැනීම අවසන් කිරීමේ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සම්මත කරයි
2024-09-19 11:26:16
Share with:

පලස්තීන භූමි ප්‍රදේශය නීතිවිරෝධීව අත්පත් කර ගැනීම ඉදිරි මාස 12 තුළ අවසන් කරන ලෙස ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටීමේ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සම්මත කරයි.

ඊයේ(18) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී එම යෝජනාව බහුතර ඡන්දයෙන් සම්මත විය.

මෙම කෙටුම්පත පලස්තීනය විසින් යෝජනා කර තිබේ. එක්සත් ජාතීන්ගේ නිරීක්ෂකයෙකු ලෙස පලස්තීනය මහා මණ්ඩලයේදී කෙටුම්පත් යෝජනා ඉදිරිපත් කළ පළමු අවස්ථාව මෙයයි.

එදින පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 10 වැනි හදිසි විශේෂ රැස්වීමේදී, කෙටුම්පතට පක්ෂව ඡන්ද 124ක් ලැබුණ අතර රටවල් 43ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී තිබේ. විපක්ෂව ඡන්ද 14ක් ලැබිණ. ඇමරිකාව, ඊශ්‍රායලය සහ අනෙකුත් රටවල් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර චීනය සහ අනෙකුත් රටවල් ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම