සමස්ත පද්ධතිය නවීකරණයකට ලක් කරන චීනයේ නව ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ
2024-09-19 10:46:03
Share with:

චීනය මෑතකදී සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ප්‍රතිසංස්කරණ රාශියක් ආරම්භ කර ඇත. එහි අරමුණ වී ඇත්තේ සමස්ත පද්ධතිය නවීකරණයකට ලක් කිරීමයි. චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ සංකල්පයකට අනුව, චීන කොමියුනිස්ට් පක්ෂයේ මෙහෙයවීමෙන් මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කෙරේ. ‍‍නවීකරණය ප්‍රධාන කොට ගත් මේ ප්‍රතිසංස්කරණ ඵලදායී ලෙස ක්‍රියාත්මක වන හෙයින් මේ වනවිට ලොව දෙවන විශාලතම ආර්ථිකය වන චීනයට නුදුරේදීම එහි පළමු තැන හිමි කර ගැනීමට හැකි වනු ඇති බව ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා අධ්‍යානාංශයේ ආචාර්ය ප්‍රදීප් උලුවඩුගේ මහතා පවසයි.

විශේෂයෙන්ම ගුණාත්මක වෛද්‍ය සේවාවක් ඇතුළු මූලික අවශ්‍යතා වෙත ඉතා  පහසුවෙන් ප්‍රවේශ වීමට සියලු පුරවැසියන්ට මේ වැඩපිළිවෙළ හේතුවෙන් අවස්ථාව ලැබී ඇත. රටේ සමස්ත දරුවන්ට යහපත් අනාගයක් නිර්මාණය කිරීමට වැඩි අවධානයක් යොමු කිරීම මෙන්ම වැඩිහිටි සත්කාර පහසුකම් නොඅඩුව ලබා දෙමින් පුරවැසි හිතකර පාලන ක්‍රමයක් චීනය ක්‍රියාත්මක කරමින් සිටී. විශේෂයෙන්ම ක්‍රමයෙන් වර්ධනය වන වයස්ගත ජනගහනය වර්තමානයේ ලොවට පිරිවැයක් වුව ද, චීනය එයට උචිත වැඩසටහන් සකස් කර වැඩිහිටියන්ගේ ආරක්ෂාව සහ සමාජ සුබ සිද්ධිය සහතික කර ඇති බව ද හෙතෙම සඳහන් කරයි.

නවීකරණය ප්‍රධාන කොට ගත් මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය චීන සංස්කෘතිය, සමාජීය වටපිටාව සහ රටේ ව්‍යුහයට ගැළපෙන අනන්‍ය ක්‍රමවේදයක් ලෙස සකස් කර තිබේ. එමෙන්ම එහි ප්‍රතිලාභ සියලු දෙනාට සමානව හිමි වන අයුරින් සිය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට උත්සහා කරමින් සිටී. රට තුළ සිටින විශාල ජනගහනය ආහාර සුරක්ෂිතභාවයෙන් පොහොසත් ජනතාවක් බවට පත් කර ඇති චීනයේ මෙම සංවර්ධන ප්‍රයත්නය ඉතා කෙටි කලකින් ලොව සාර්ථකම සංවර්ධිත රාජ්‍යය බවට චීනය පත් කරනු ඇති බව ද ආචාර්ය ප්‍රදීප් උලුවඩුගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම