ඇමරිකානු පෙඩරල් අරමුදල් පොලී අනුපාතය පදනම් ලකුණු 50කින් පහත දැමීමට තීරණය කළ බව ඇමරිකානු පෙඩරල් සංචිතය ඊයේ (18) ප්‍රකාශ කළේ ය. එනම් එම අනුපාතය 4.75%ත් 5%ත් අතර මට්ටමක රඳවා ගැනීමට ඔවුන් තීරණය කර තිබේ. 2020 වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා ඇමරිකානු පෙඩරල් සංචිතය පොලී අනුපාතය පහත දැමූ පළමු අවස්ථාව මෙයයි.
වෙනස් වෙමින් පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් පොලී අනුපාතය සම්බන්ධයෙන් ඇමරිකානු පෙඩරල් සංචිතයේ බලධාරීන් අතර මතභේද හටගෙන ඇතැයි The Wall Street Journal පුවත්පත වාර්තා කරයි. ඊයේ ඇමරිකානු පෙඩරල් සංචිතය පැවැත්වූ මුදල් ප්‍රතිපත්ති පිළිබඳ නිත්‍ය රැස්වීමේදී බලධාරියෙක් පොලී අනුපාතය පදනම් ලකුණු 50කින් අඩු කිරීමට විරුද්ධ විය. ඔහු 2005 වසරේ සිට මේ දක්වා පෙඩරල් සංචිතයේ පොලී අනුපාත ප්‍රතිපත්තියට විරුද්ධ වූ පළමු බලධාරියා වීම විශේෂත්වයකි. මේ වසර අවසානය වන විට ඇමරිකාවේ විරැකියා අනුපාතය තවදුරටත් ඉහළ යනු ඇති බව ඇමරිකානු පෙඩරල් සංචිතය පුරෝකථනය කර තිබේ.