BeiDou මග පෙන්වීමේ පද්ධතියට තවත් චන්ද්‍රිකා දෙකක්
2024-09-19 15:15:22
Share with:

චීනය නව BeiDou මග පෙන්වීමේ  චන්ද්‍රිකා දෙකක් සාර්ථකව නිකුත් කරයි.

BeiDou මග පෙන්වීමේ පද්ධතියේ අංක 59 සහ 60 යන චන්ද්‍රිකා දෙක චීනයේ Xichang චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් අද (19) නිකුත් කෙරිණ.

ඒ, Long March-3B වාහක රොකට්ටුව සහ ඒ හා සම්බන්ධිත Yuanzheng-1 කොටසේ ආධාරයෙනි.

BeiDou මග පෙන්වීමේ පද්ධතියේ මධ්‍යම පෘථිවි කක්ෂීය චන්ද්‍රිකාවන්ට එම චන්ද්‍රිකා දෙක ඇතුළත්ය. චීනයේ BeiDou චන්ද්‍රිකා අංක 3 ගෝලීය මග පෙන්වීමේ චන්ද්‍රිකා පද්ධතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු නිකුත් කරන ලද දෙවැනි මධ්‍යම පෘථිවි කක්ෂීය චන්ද්‍රිකා යුගලය මෙයයි.නියමිත කක්ෂයට ඇතුළු වී අත්හදා බැලීම් සම්පූර්ණ කිරීමෙන් පසු අදාළ චන්ද්‍රිකා දෙක BeiDou චන්ද්‍රිකා මග පෙන්වීමේ පද්ධතිය හා සම්බන්ධ වනු ඇත.

මෙය Long March වාහක රොකට්ටු මාලාවේ 535 වැනි මෙහෙයුම යි.  



ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම