චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ විශේෂ නියෝජිතයා ලෙස චීන විදේශ අමාත්‍ය වං යී මහතා එක්සත් ජාතීන්ගේ “2024 අනාගත සමුළුව”ට සහ 79 වැනි එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ සාමාන්‍ය විවාදයට එක්වෙයි. එය සැප්තැම්බර් 22 සිට 28 දක්වා පැවැත්වීමට නියමිතය.
එම කාලය තුළ, වං යී මහතා ගෝලීය සංවර්ධන මුලපිරුම ප්‍රවර්ධනය කිරීම සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ ක්‍රියාකාරකම, ආරක්ෂක මණ්ඩලයේ ඉහළ පෙලේ රැස්වීම, බ්‍රික්ස් විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම සහ G20 විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගි වනු ඇත. අනතුරුව ඔහු එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා, 79 වැනි එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ සභාපතිවරයා මෙන්ම විවිධ රටවල විදේශ අමාත්‍යවරුන් හා නියෝජිත කණ්ඩායම් ප්‍රධානීන් හමුවීමට ද නියමිතව තිබේ.