චීනය න්‍යෂ්ටික පර්යේෂණ පහසුකම් 12ක් විවෘත කරයි.
2024-09-19 10:23:45
Share with:

චීන ජාතික පරමාණු බලශක්ති ඒජන්සිය “සහයෝගිතා විවෘත කිරීම හා සංවර්ධනය බෙදාගැනීම”යන තේමාවෙන් යුත් න්‍යෂ්ටික පර්යේෂණ පහසුකම් විවෘත කිරීමේ හා බෙදාගැනීමේ සැසිය පවත්වයි. Vienna නගරයේ පැවති ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සියේ 68 වැනි සමුළුවට සමගාමීව 16 වනදා මෙය පැවැත්විණ.

චීන ජාතික පරමාණ බලශක්ති ඒජන්සියේ උප අධ්‍යක්ෂ Liu Jing මහතා එහිදී දේශනයක් පවත්වමින් පැවසුවේ ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සියට එක්වීමේ 40 වැනි සංවත්සරය නිමිත්තෙන් ලෝකයේ විවිධ රටවල් හා ගෝලීය දකුණ වෙත චීනයේ දියුණු පර්යේෂණ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව ඇතුළු න්‍යෂ්ටික පර්යේෂණ පහසුකම් හා වේදිකා 12ක් විවෘත කිරීමට චීනය තීරණය කර ඇති බවයි. න්‍යෂ්ටික මූලික පර්යේෂණ, න්‍යෂ්ටික පරිසර සමාකරණය, න්‍යෂ්ටික උපකරණ පරීක්ෂණ, විකිරණශීලී අපද්‍රව්‍ය පාලනය කිරීම ඇතුළු බොහෝ ක්ෂේත්‍ර ඊට ඇතුළත් බව Liu Jing මහතා කියා සිටියේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම