“චීනය එක්සත් ජාතීන්ගේ 2024 අනාගත සමුළුව සහ 79 වැනි එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ සාමාන්‍ය විවාදයට එක් වීම පිළිබඳ ස්ථාවරය” නමැති ලේඛනය ප්‍රසිද්ධ කෙරේ.
චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ලින් ජියන් මහතා අද(19) පැවති මාධ්‍ය හමුවේදී අදාල තොරතුරු විස්තර කළේය.
එම ලේඛනය මගින්, සාමකාමී ආරක්ෂාව, අඛණ්ඩ සංවර්ධනය, මානව හිමිකම් සහතික කිරීම, ශිෂ්ටාචාරත්මක හුවමාරු, විද්‍යා තාක්ෂණික නවෝත්පාදනය, ගෝලීය පරිපාලන ප්‍රතිසංස්කරණය පිළිබඳ චීනයේ ක්‍රියාකලාප පූර්ණව පහදා දී තිබේ. ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම හා ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම පොදුවේ ක්‍රියාත්මක කරමින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනගන ලෙස ඉන් ජගත් ප්‍රජාවෙන් ඉල්ලීමක් කෙරේ. ඒ අනුව සෙසු පාර්ශ්වයන් සමග එක්ව සැබෑ බහුපාර්ශ්වවාදය අනුගමනය කරමින් ලෝකයේ සාමකාමී සංවර්ධනය වෙනුවෙන් නව දායකත්වය ලබා දීමට චීනය සූදානම් බව ද ලින් ජියන් මහතා ප්‍රකාශ කර ඇත.