ආපදා මඟින් ජනාධිපතිවරණයට සිදුවිය හැකි බාධා කළමනාකරණය කරගැනීම සඳහා විශේෂ ඒකාබද්ධ වැඩසටහනක්
2024-09-19 17:16:07
Share with:

ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන කාලසීමාව තුළ අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන්ගෙන් සිදුවිය හැකි ආපදාවන්ට මුහුණදීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

එහි සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසුවේ, ආපදා තත්ත්වයන් ඇති විය හැකි බවට සැකකෙරෙන දිස්ත්‍රික් සඳහා වැඩි අවධානයක් යොමුකර ඇති බවය.

හෙට (20) දිනයේ සිට පැය තුනකට වරක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කාලගුණ වාර්තාවක් ලබා ගැනීමට ද කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේය.

මේ අතර ආපදා මඟින් ජනාධිපතිවරණයට සිදුවිය හැකි බාධා කළමනාකරණය කරගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ මැතිවරණ කොමිෂන් සභාව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ගුවන් විදුලිය
20241103ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම