ලෙබනනයේ ස්වාධිපත්‍යය හා ආරක්ෂාව උල්ලංඝනය කෙරෙන කවර ක්‍රියාවකට චීනයේ විරෝධය
2024-09-19 16:45:33
Share with:

ලෙබනනයේ ස්වාධිපත්‍යය හා ආරක්ෂාව උල්ලංඝනය කෙරෙන කවර හෝ ක්‍රියාවකට චීනය විරෝධය පළ කරයි. 

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද (19) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේ, ලෙබනනයේ පණිවිඩ හුවමාරු යන්ත්‍ර පිපිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ලෙබනනයේ Hezbollah සංවිධානය භාවිත කරන පණිවුඩ හුවමාරු යන්ත්‍ර ඇතුළු අන්තර් සන්නිවේදන උපකරණවල සිදුවූ පිපිරීම්වලින් පුද්ගලයින් 30 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්වූ අතර තවත් සිය ගණනක පිරිසක් තුවාල ලැබූහ.එම සිද්ධිය කෙරෙහි චීනය වැඩි අවධානය යොමු කරන බව Lin Jian මහතා සඳහන් කළේය. ලෙබනනයේ ස්වාධිපත්‍යය හා ආරක්ෂාව උල්ලංඝනය කෙරෙන කවර හෝ ක්‍රියාවක්  සම්බන්ධයෙන් විරෝධය පළ කරන චීනය එම සිද්ධිය හේතුවෙන් ප්‍රාදේශීය නොසන්සුන් තත්ත්වය උග්‍ර විය හැකි බවට ද  කණස්සල්ල පළ කර ඇත. මැද පෙරදිග ප්‍රදේශයේ සාමය හා ස්ථාවරත්වය සුරක්ෂිත කරන ලෙස චීනය සියළු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවද Lin Jian මහතා පැවසීය.


ගුවන් විදුලිය
20241102සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම