තායිවාන ප්‍රදේශයේ කෘෂි නිෂ්පාදිත 34ක් සඳහා පැවති තීරු බදු රහිත ආනයන ප්‍රතිපත්තිය අවලංගු කිරීමට චීන මහා ගොඩබිම පියවර ගනී
2024-09-19 11:11:32
Share with:

තායිවාන ප්‍රදේශයේ කෘෂි නිෂ්පාදිත 34ක් ආනයනයේ දී මෙතෙක් පැවති තීරු බදුවලින් නිදහස් කිරීමේ ප්‍රතිපත්තිය අවලංගු කිරීමට චීන මහා ගොඩබිම පියවර ගනී. ලබන 25 වැනි දා සිට එය ක්‍රියාවට නංවන බව චීන රාජ්‍ය මණ්ඩලයේ තීරු බදු සහ බදු රෙගුලාසි කමිටුව නිවේදනය කරයි. මේ සම්බන්ධයෙන් රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලය දැඩි සහයක් දක්වන බව එහි ප්‍රවෘත්ති ප්‍රකාශක Chen Binhua මහතා ඊයේ(18) පැවසීය.

චීන මහා ගොඩබිම 2005 වසරේ අගෝස්තු 1 වැනි දා සිට සහ 2007 වසරේ මාර්තු 20 වැනි දා සිට ක්‍රමික ව තායිවාන ප්‍රදේශයේ නිපදවන පලතුළු, එළවරු, ජල නිෂ්පාදන ඇතුළු කෘෂි නිෂ්පාදන 34ක් තීරු බදු රහිතව ආනයනය කිරීමට පියවර ගැණින. එමගින් තායිවාන කෘෂි නිපැයුම් මහා ගොඩබිමේ වෙළඳපොළේ පුළුල් කර ඇති අතර, එහි ගොවි ජනතාව හා ධීවරයන් මනා ප්‍රතිඵල අත් විඳ ඇතැයි Chen Binhua මහතා සඳහන් කළේය.

එහෙත්, Lai Ching-te තායිවානයේ බලය අත් කර ගැනීමෙන් පසු ‘තායිවාන ස්වාධීනත්වය’තරයේ අනුගමනය කරමින් තායිවානය හා මහා ගොඩබිම අතර ගැටුම්කාරී තත්ත්වය උත්සන්න කරමින් සිටී. චීන මහා ගොඩබිමේ කෘෂි නිෂ්පාදන 1000කට වැඩි සංඛ්‍යාවකට එරෙහිව මේ වන විටත් තායිවානය අත්තනෝමතික ව සීමා පනවා ඇති බවත් සමුද්‍ර සන්ධි දෙපස සිටින චීන ස්වදේශිකයන්ගේ සුබසෙතට ඉන් හානි කරන බවත් Chen Binhua මහතා පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20241107බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම