සුඩාන ගැටුම් තවදුරටත් උත්සන්න වීම වැළැක්වීම සඳහා සාමකාමී බව සහ සංයමය උපරිමයෙන් පවත්වා ගනිමින් තත්ත්වය කඩිනමින් පාලනය කරන ලෙසත්, සතුරුකම් තවදුරටත් උත්සන්න වීම වළක්වා ගන්නා ලෙසත් චීනය ගැටුමට සම්බන්ධ දෙපාර්ශ්වයෙන් නැවතත් ඉල්ලා සිටී. එක්සත් ජාතීන්ගේ චීන උප ස්ථාවර නියෝජිත Dai Bing මහතා ඊයේ (18) සුඩානය පිළිබඳ ආරක්ෂක මණ්ඩලයේ මහජන සමුළුවේදී මේ බව පැවසීය.
පසුගිය සතියේ සිට, සුඩාන කඩිනම් ආධාරක බලකාය විසින් Al-Fāshir නගරය වෙත මහා පරිමාණ ප්‍රහාරයක් දියත් කර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා අවතැන් වී ඇති අතර දැනටමත් එහි මානුෂීය අර්බුදය උග්‍ර වී ඇත. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ලෙසත් Al-Fāshir නගරය වෙත වැටලීම සහ ප්‍රහාර නතර කරන ලෙසත් චීනය අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව Dai Bing මහතා පැවසීය.