ලෙබනනයේ පණිවිඩ හුවමාරු යන්ත්‍ර පිපුරුම්වලින් 20 දෙනෙකු මිය ගොස් 450කට වැඩි පිරිසක් තුවාල ලබයි
2024-09-19 10:50:00
Share with:

ඊයේ(18) ලෙබනනයේ විවිධ ප්‍රදේශවල පණිවුඩ හුවමාරුවට අන්තර් සන්නිවේදන උපකරණ භාවිතයෙන් සිදුකර ඇති පිපිරීම්වලින් පුද්ගලයින් 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. තවත් 450කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි ලෙබනන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය 17වැනිදා ලෙබනන් හි පේජර් සන්නිවේදන උපකරණ භාවිතයෙන් පිපිරීමෙන් පසු ඇති වූ මහා පරිමාණ සන්නිවේදන උපකරණ පිපිරීම් රැල්ලක් ලෙස මෙය වාර්තා වේ.

සිද්ධියෙන් පසු ලෙබනන හිස්බුල්ලා පක්ෂය ප්‍රකාශ කළේ, ඒ ඒ ප්‍රදේශවල සිදු වූ පේජර් ප්‍රහාරවලට ඊශ්‍රායලය වගකිව යුතු බවයි. ඊශ්‍රායලය මේ පිළිබඳ කිසිඳු ප්‍රකාශයක් මෙතෙක් නිකුත් කර නොමැත.

සිද්ධියෙන් අනතුරුව ධවල මන්දිරය ඊයේ(18) ප්‍රකාශ කළේ, 17 සහ 18 දිනවල ලෙබනනයේ සිදුවූ මෙම ප්‍රහාරවලට, ඇමරිකාව "කිසිදු ආකාරයකින් සම්බන්ධ නොවූ" බවයි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම