උපායමාර්ගික සැලැස්මක් ඔස්සේ ක්‍රියාත්මක වන චීන ආර්ථකය ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවලට අත්‍යවශ්‍ය සංවර්ධන සාධකයක් බවට පත්ව ඇති බව කැළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන සම්පත් සෝමරත්න මහතා පැවසීය. අති දුෂ්කර අවධියක් පසු කරමින් චීනයටම අනන්‍ය වූ ආර්ථික ව්‍යූහයක් තුළ ගෙන යන වැඩපිළිවෙල මගින් ඉහළ ආර්ථික වර්ධනයක් කෙරෙහි චීනයේ පුරෝකථනයන් සාක්ෂාත් කර ගෙන ඇතැයි හෙතෙම කියා සිටී.
ප්‍රතිසංස්කරණයන් නිසි කලට පවත්වා ගනිමින් නවීකරණය සහ ලෝකයට ගැලපෙන ප්‍රතිපත්ති සම්පාදනය තුළින් සිය ප්‍රජාවට ගැලපෙන ආකාරයේ පොදු සමෘද්ධියක් අත් කර ගැනීම චීනයේ කේන්ද්‍රීය අරමුණක් බව පැහැදිලිය. ගෝලීය වශයෙන් සංවර්ධනය සඳහා වන ආදර්ශ රැසක් චීනය තුළ පවතින බව චීනයේ සංවර්ධන මාවත පිළිබඳව ආර්ථික විශේෂඥයින් දක්වන ලද අදහස් වලින් පෙනී යයි. සමස්ත ජනතාවටම ආර්ථික සංවර්ධනයට සම්බන්ධ වීමට චීනය අවස්ථාව ලබා දී තිබීම වැදගත් කරුණකි. සෑම ප්‍රදේශයකම විසිරී සිටින ජනතාවට ආර්ථික සංවර්ධනයෙන් සාධාරණ කොටසක් ලබා දීමට උත්සාහ කරන වඩාත් ක්‍රියාකාරී උපාය මාර්ගයක් චීනය ක්‍රියාත්මක කරයි. චීනය යෝජනා කරන මෙම පොදු සමෘද්ධිය සංකල්පය විෂම ලෙස ආදායම් බෙදී යන, අසමානතාවය සහ අසාධාරණ ලෙස මිනිසුන් බෙදා ඇති රටවල්වලට කදිම පිළිතුරකි. ගම් මට්ටමේ සිට නාගරික වෙළඳපොල තුළ පෞද්ගලික අංශය වෙත අවස්ථා රැසක් විවෘත කර දී ඇත. එමෙන්ම නවීන තාක්ෂණය කෘෂිකර්මාන්තය ඇතුලු සියළු ක්ෂේත්‍ර වෙත යොමු කර තිබේ. අන්තර්ජාල පහසුකම් තුළින් ජනතාවගේ ජීවන වෘත්තීන් පහසු කිරීමේ පුළුල් අවකාශය ලබා දීමෙන් බිම් මට්ටමේ සිටම චීන ජනතාවට ස්වයං ලෙස ගොඩනැඟීමට අවශ්‍ය පදනම චීන රජය විසින් සලසා තිබීම සාධනීය වේ.
තම රට තුළ පමණක් නොව එක් තීරයක් එක් මාවතක් වැනි ව්‍යාපෘති ඔස්සේ සෑම රටකම ආර්ථික සංවර්ධනයට ජීව ශක්තියක් ගෙන ඒමෙන්, හවුල්කරුවන්ට ද සහයෝගීතාවයෙන් සමෘද්ධිමත් වීමට හැකියාව චීනය විසින් උදා කර දී ඇත.
පසුගිය දා බෙයිජිං හි ඇරඹි චීන-අප්‍රිකා සහයෝගතා සංසදයේ දී ද නවීකරණ ශිෂ්ටාචාර පිළිබඳ අන්‍යෝන්‍ය අධ්‍යයන, අන්‍යෝන්‍ය සබඳතා හා සන්නිවේදන කටයුතු ඇතුළු ක්ෂේත්‍ර 10ක් කෙරෙහි අවධානය යොමු කෙරිණ. චීනය අත්කර ගත් සංවර්ධනය අන්‍යෝන්‍ය වශයෙන් බෙදා ගැනීමට දරන උත්සාහය අගය කළ යුතුය. සිය නවීකරණයෙන් හා ප්රතිසංස්කරණයෙන් ආරම්භ කර ඇති විවෘතභාවයේ සාරවත් ප්‍රතිඵල ආසියාවට, අප්‍රිකාවට පමණක් නොව සමස්ත ලෝකය වෙත චීනය තවදුරටත් ලබා දෙනු ඇතැයි තම විශ්වාසය බව කැළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන සම්පත් සෝමරත්න මහතා සඳහන් කළේය.