ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ 68 වැනි මහා සමුළුවට චීන අගමැතිගෙන් සුබපැතුම්
2024-09-18 14:44:29
Share with:

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ 68 වැනි මහා සමුළුව ඔස්ට්‍රියාවේ වියානා නුවර දී පැවැත්වේ. සාමාජික රටවලින් හා විවිධ ජාත්‍යන්තර සංවිධානවලින් පැමිණි නියෝජිතයෝ 2000 කට අධික පිරිසක් 16 වැනිදා පැවති සමුළුවට එක්ව සිටියහ.

චීන ජාතික පරමාණුක බලශක්ති ඒජන්සියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Liu Jing මහතා එහි පැවති විවාදයේදී කියාසිටියේ, චීනය ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියට එක්වීමේ 40 වැනි සංවත්සරය මේ වසරට යෙදී ඇති බව යි. මේ වන විට, චීන ප්‍රධාන භූමියේ න්‍යෂ්ටික බල ඒකක 56 ක් ක්‍රියාත්මක වන අතර, තවත් අනුමත ඒකක 46 ක් ඉදිවෙමින් පවතී. එසේම, චීනය ගෝලීය න්‍යෂ්ටික බලශක්ති සංවර්ධනය පිළිබඳ වැදගත් එන්ජිමක් බවට පත්ව තිබේ. ගෝලීය දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සඳහාත්, බලශක්තියේ හරිත හා අඩු කාබන් පරිවර්තනය වේගවත් කිරීම සඳහාත් චීනය වැදගත් කාර්යභාරයක් ඉටුකරමින් සිටින බව ද Liu Jing මහතා පෙන්වා දුන්නේ ය.

මේ අතර, චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා පසුගිය 16 වැනිදා ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ 68 වැනි මහා සමුළුවට සුබ පැතුම් පිරිනැමීය. ගෙවී ගිය දශක 4 ක කාලය තුළ, චීනය ගෝලීය න්‍යෂ්ටික බලශක්ති පාලනය සහ සංවර්ධනය සඳහා වැදගත් දායකත්වයක් ලබා දී තිබේ. ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සියේ සෙසු සාමාජික රටවල් සමඟ සහයෝගිතා තවදුරටත් ශක්තිමත් කර, ගෝලීය න්‍යෂ්ටික බලශක්ති සංවර්ධනය වඩාත්  විවෘත හා ක්‍රමානුකූල තත්ත්වයට පත්කිරීම චීනයේ අපේක්ෂාව බව ද අග්‍රාමාත්‍යවරයා තම සුබ පැතුම් පණිවිඩයෙන් කියාසිටියේය.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම