ලෙබනනයේ ස්ථාන රැසක පේජර් සන්නිවේදන උපකරණ භාවිතයෙන් සිදුකර ඇති පිපිරීම්වලින් 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. තවත් 2800 ක පමණ පිරිසක් තුවාල ලබා ඇත.
එරට භාරකාර රජය ඊයේ (17) පස්වරුවේ පැවැත්වූ අමාත්‍යවරුන්ගේ රැස්වීම අතරතුර මෙම පිපිරීම් සිදුව තිබේ. බීරූට් අගනුවර සහ අග්නිදිග හා ඊසානදිග ලෙබනනයේ ස්ථාන රැසක එවැනි පිපිරීම් වාර්තා විය.
තුවාල ලැබූවන්ගෙන් 200 ක පමණ පිරිසක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ලෙබනන හිස්බුල්ලා පක්ෂයේ සන්නන්ධ පුද්ගලයන් මෑතකාලයේ ඊශ්‍රායල හමුදා ප්‍රහාර වැළැක්වීම සඳහා අඩු තාක්ෂණික සන්නිවේදන උපකරණයක් වන පේජර් බහුලව භාවිත කර ඇති බව වාර්තා වේ. මෙම පිපිරීම්වල මෙහෙයුම් ස්ථානය ලෙබනනයේ හිස්බුල්ලා බලකොටුව බවට විශ්වාස කෙරේ. එම යන්ත්‍රවල බැටරි දුරස්ථව පුපුරවා හැර ඇත.
මේ අතර, මෙම පිපිරීම්වලට ඊශ්‍රායලය "සම්පූර්ණයෙන්ම වගකිව යුතු" බවට ලෙබනන හිස්බුල්ලා පක්ෂය ප්‍රකාශයක් නිකුත් කළේය. ඊට එරෙහිව පළිගන්නා බවට ද ඔවුන් ප්‍රතිඥා දී තිබේ. ලෙබනනයේ භාරකාර රජය ද සිද්ධිය හෙළාදැක ඇත.
කෙසේවෙතත් ඊශ්‍රායල බලධාරීන් මේ පිළිබඳ කිසිදු ප්‍රකාශයක් මෙතෙක් නිකුත් කර නොමැත.