චීනය ඇමරිකානු අවි කර්මාන්ත සමාගම් කිහිපයකට එරෙහිව සම්බාධක පනවයි
2024-09-18 16:13:50
Share with:

ඇමරිකානු අවි කර්මාන්ත ව්‍යවසායකයන් සම්බන්ධයෙන් ප්‍රතිපියවර ගන්නා බව චීනය ප්‍රකාශ කරයි.

  චීනයේ තායිවාන ප්‍රදේශයට අවි අලෙවි කරන බව මෑතකදී ඇමරිකාව යළිත් ප්‍රකාශ කර ඇත. එය එකම චීනය මූලධර්මය, චීන ඇමරිකා ඒකාබද්ධ නිවේදන තුන දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බව චීන විදේශ අමාත්‍යංශය අද(18) අදාළ ‘තීරණය’ නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. ඇමරිකාවේ ක්‍රියාව චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමක් මෙන්ම චීනයේ ස්වාධිපත්‍යය හා ‍භෞමික අඛණ්ඩතාවට ද හානි කිරීමකි. චීනයේ ‘විදේශ සම්බාධක-විරෝධී නීතිය’ට අනුව, ඇමරිකාවේ  Sierra Nevada, Stick Rudder Enterprises LLC, Cubic Corporation, S3 AeroDefense, TCOM, TextOre, Planate Management Group, ACT1 Federal සහ Exovera යන සමාගම් නවයට සම්බාධක පනවන බව චීන විදේශ අමාත්‍යංශයේ තීරණයේ දැක්වේ.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම