ඇමරිකා ෆෙඩරල් සංචිතය ඇමරිකා වෙලාවෙන් 17 වනදා සිට 18 වනදා දක්වා මුදල් ප්‍රතිපත්ති සමුළුව පවත්වයි. 18වනදා නව පොළී අනුපාතය පිළිබඳ තීරණය ප්‍රකාශ කිරීමට ද අපේක්ෂා කෙරේ.
ඇමරිකා ෆෙඩරල් සංචිතයේ සභාපති Jerome Powell මහතා පසුගිය අගෝස්තු මස ප්‍රකාශ කර ඇත්තේ මුදල් ප්‍රතිපත්තිය සකස් කිරීමේ කාලය පැමිණ ඇති බවයි. මෙවර පැවැත්වෙන මුදල් ප්‍රතිපත්ති සමුළුවේදී ෆෙඩරල් සංචිතය සමස්තයක් වශයෙන් පොළී අනුපාතය අඩු කිරීමේ සූදානමක් පවතින බව Jerome Powell මහතා සඳහන් කර තිබේ. මෙවර සමුළුවේදී පදනම් ලක්ෂ්‍ය 25කින් හෝ 50කින් පොළී අනුපාතය අඩු කරනු ඇතැයි වෙළඳපොළේ අපේක්ෂාව වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ෆෙඩරල් සංචිතය 2022 වසරේ මාර්තු මස සිට 2023 වසරේ ජූලි මස දක්වා 11 වතාවක් පොළී අනුපාතය සමස්තයක් වශයෙන් පදනම් ලක්ෂ්‍ය 525කින් වැඩි කර තිබේ. ගෙවී ගිය වසර තුළ ෆෙඩරල් අරමුදල් අනුපාතය සියයට 5.25ක් හා 5.5ක් අතර පවත්වා ගෙන ගොස් තිබේ. එය ගෙවී ගිය වසර 23 තුළ ඉහළ ම මට්ටම බව ද වාර්තා වේ.