න්‍යෂ්ටික අවි සංවර්ධනය කිරීමේ කිසිඳු අරමුණක් තම රටට නොමැති බව ඉරාන ජනපති කියයි
2024-09-17 16:12:15
Share with:

න්‍යෂ්ටික අවි සංවර්ධනය කිරීමේ කිසිඳු අරමුණක් තම රටට නොමැති බව ඉරාන ජනාධිපති මසවුද් පෙදෙකියාන් මහතා පවසයි. යුරේනියම් සාන්ද්‍රණ වැඩ සටහන පිළිබඳ ජාත්‍යන්තර කණස්සල්ල හෙතෙම බැහැර කරයි.සිට ඉලක්කය තාක්ෂණික හා විද්‍යාත්මක අවශ්‍යතාවන් සපුරා ගැනීම පමණක් යැයි ද‍ හෙතෙම කියා සිටී.

2015 වසරේ එළඹි න්‍යෂ්ටික ගිවිසුම් රාමුව කෙරෙහි ඉරානයේ කැපවීම තවදුරටත් පවතින බවද ඉරාන ජනාධිපතිවරයා කියා සිටී. එහෙත් ඉරානයේ ක්‍රියා කලාපය එම ගිවිසුමට අත්සන් තබා ඇති සෙසු පාර්ශ්ව සිය ප්‍රතිඥාවන්ට ගරු කිරීම මත රඳා පවතින බවද හෙතෙම පැවසීය. ඇමරිකාව හා යුරෝපා රටවල් සිය ප්‍රතිඥා ඉටු කරන්නේ නම් ඉරානයට ඊට සමාන ලෙසින් ක්‍රියා කරව බවද ඉරාන ජනාධිපතිවරයා කියා සිටී.




ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම