ගාසා තීරයේ හමුදා මෙහෙයුම් නතර කිරීමට ඊශ්‍රායලයට බල කරන ලෙසට එක්සත් ජාතීන්ගේ චීන නියෝජිතයා ගෙන් ඇමරිකාවට ඉල්ලීමක්
2024-09-17 16:06:17
Share with:

තවදුරටත් ප්‍රමාදයකින් තොරව ගාසා තීරයේ හමුදා මෙහෙයුම් නතර කිරීමට ඊශ්‍රායලයට බල කරන ලෙසට එක්සත් ජාතීන්ගේ චීන නියෝජ්‍ය ස්ථාවර නියෝජිත ගෙන්ග් ෂුවන්ග් මහතා ඇමරිකාවට අවධාරණය කරයි.

වගකීම් සහගත හැසිරීමක් පෙන්නුම් කරන ලෙසට ඇමරිකාවෙන් ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කළේ ඊයේ(16) පැවති පලස්තීන ප්‍රශ්නය ද ඇතුළු මැද පෙරදිග ප්‍රශ්නය පිළිබඳ ආරක්ෂක මණ්ඩල රැස්වීමේදීය.  පලස්තීන ගැටුම  හට ගැනීමෙන් පසු ඇමරිකාව එක් පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී නොසිටියේ නම්  ආරක්ෂක මණ්ඩලයට සටන් විරාමයක් ඉල්ලා යෝජනාවක් සම්මත කර  ගැනීමට හැකියාව තිබූ බවද හෙතෙම සඳහන් කළේය. එසේ වූයේ නම් ආරක්ෂක මණ්ඩලයේ බහු යෝජනා ප්‍රතික්ෂේප නොවන බවද චීන නියෝජිතයා පෙන්වා දුන්නේය. 

ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ යුද්‍ධයේ ගිනි දැල් නිවා,මානුෂීය අර්බුදය ලිහිල් කරමින් කලාපයට හැකි ඉක්මණින් සාමය ගෙන ඒමට  ආරක්ෂක මණ්ඩලයේ  ඉදිරි ක්‍රියාමාර්ගයන්ට චීනය සහාය වන බවයි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
100%
Current Time 0:00
Duration -:-
Loaded: 0%
Stream Type LIVE
Remaining Time -0:00
 
1x
Video Player is loading.
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම