මැදසරත් උත්සවය පිළිබඳ චීන- වියට්නාම සංස්කෘතික හා කලා ප්‍රසංගය පැවැත්වේ. චීන මහජන සමූහණ්ඩුව ස්ථාපිත කිරීමේ 75 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් ද මෙම ප්‍රසංගය සංවිධාන කෙරිණ.
එම ප්‍රසංගය ඊයේ (16) වියට්නාමයේ Ho Chi Minh නගරයේදී පැවැත්විණ. චීනයේ හා වියට්නාමයේ කලා කරුවෝ නැටුම් ගැයුම් ඉදිරිපත් කළහ.
චීනයේ යුන්නාන් පළාත් රජයේ ප්‍රවෘත්ති කාර්යාලය, යුන්නාන් පළාත් රජයේ විදේශ කටයුතු කාර්යාලය සහ Ho Chi Minh නගරයේ චීන කොන්සල් කාර්යාලය විසින් ඒකාබද්ධව මෙම සංස්කෘතික හා කලා ප්‍රසංගය සංවිධාන කර ඇත.
එම ප්‍රසංගය, 2024 වසරේ මැද සරත් උත්සව සංස්කෘතික හුවමාරු වැඩසටහන යටතේ වියට්නාමයේ සිදු කෙරෙන ක්‍රියාකාරකමේ කොටසකි. ඊට අමතරව, මැද සරත් උත්සව සංස්කෘතික සාකච්ඡා මණ්ඩපය, යුන්නාන් ජීවිතය පිළිබඳ ඡායාරූප ප්‍රදර්ශනය යන ක්‍රියාකාරකම් මෙවර පස් දින වැඩසටහනට ඇතුළත් විය.