මැතිවරණ පැමිණිලි වාර්තා කිරීමට විශේෂ දුරකථන අංක
2024-09-17 18:09:30
Share with:
මැතිවරණ කොමිෂන් සභාවේ මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකයේ විශේෂ දුරකථන අංක කිහිපයක් හඳුන්වා දීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
එළඹෙන 21 දින ජනාධිපතිවරණයට අදාළ ඡන්ද විමසීම නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීමට සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ ඡන්ද විමසීම් සිදුවන අවස්ථාවේදී අනීතික ක්‍රියා පිළිබඳ වාර්තා කිරීම සඳහා මෙම දුරකථන අංක හඳුන්වා දී ඇත.
ඒ අනුව රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ ස්ථාපිත කර ඇති ජාතික මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකය වෙත අදාළ සිදුවීම් නොපමාව වාර්තා කරන ලෙස කොමිසම ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.