47වන ලෝක නිපුණතා තරඟාවලියේ වැඩිම පදක්කම් චීනයට
2024-09-16 15:35:39
Share with:

47වන ලෝක නිපුණතා තරඟාවලියේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට චීනය සමත්‍ වෙයි.

ඉතාලියේ දී අවසන් වූ තරඟාවලියේ චීනය හිමිකර ගත් රන් පදක්කම් සංඛ්‍යාව 36කි. රිදී පදක්කම් 9ක් හා ලෝකඩ පදක්කම් 4ක් දිනා ගැනීමද චීන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. එහිදී ඉහළම ලකුණු ලබා ගත් චීන  කණ්ඩායමේ සාමාජිකයෝ දෙදෙනෙක් කීර්තිමත් ඇල්බර්ට් විඩාල් සම්මානයෙන් පිදුම් ලැබූහ.එහි සමාප්ති උත්සවයේ දී ලෝක නිපුණතා ධජය ලියෙන් නගරයෙන් ෂැංහයි නගරය වෙත භාර කෙරිණ.තරඟාවලියේ 48වන වාරය ෂැංහයි හිදී පැවැත්වේ.මෙවර තරඟාවලියට රටවල් හා කලාප 70ක ක්‍රීඩක ක්‍රීඩිකාවේ 1400ක් පමණ සහභාගී වූහ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම