ඡන්ද පත්‍රිකා දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ලබාදීමට පියවර
2024-09-16 15:51:25
Share with:

2024 ජනාධිපතිවරණයට අදාළ සියලුම ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසයි.

සියලුම ඡන්ද පත්‍රිකා මේ වනවිට මැතිවරණ කොමිසම වෙත ලබාදීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව රජයේ මුද්‍රණාලයෙන් ලබාදුන් සියලුම ඡන්ද පත්‍රිකා දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ලබාදීමට කටයුතු කළ බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

මේ අතර තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 96ක් පමණ ජනතාව වෙත බෙදා අවසන් කර ඇති බවයි.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම