චීනයට එරෙහි අතිරේක තීරු බදු පැනවීමෙන් හානි සිදු කර ගත් ඇමරිකාව
2024-09-16 16:20:17
Share with:

අංක 301 වගන්තියට ඇතුළත් තීරුබදුවලට අමතරව, චීනයෙන් ආනයනය කෙරෙන විදුලි මෝටර් රථ මත තවදුරටත් අතිරේක තීරුබදු පනවන බව පසුගිය මැයි මස ඇමරිකාව ප්‍රකාශ කළේය. එම පියවර අගෝස්තු මස පළමුදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබිණ.එහෙත් ජූලි මස 30 වනදා හා අගෝස්තු 30 වනදා එම තීරණය දෙවරක් කල් දැමිණ.ඊට හේතුව ඇමරිකානු රජය ‘ජනතාවගේ අදහස් විමසා බැලීම’ය. එහිදී අදාළ අතිරේක තීරුබදු පැනවීමට විරෝධය පළ කෙරුණු අතර තීරුබදු නිදහස් කිරීම් ව්‍යාප්ත කරන ලෙස ජනතාව ඉල්ලා සිටියද, ඇමරිකානු රජය එය ප්‍රතික්ෂේප කර අදාළ පියවර ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

ඇමරිකා ජනාධිපතිවරණය ආසන්නවීමත් සමගම පක්ෂ දෙක අතර තරඟය උග්‍ර ‍වෙමින් පවතී. චීනයට එරෙහි දැඩි පියවර ක්‍රියාත්මක කිරීම ඊනියා “දේශපාලන නිවැරදි තීන්දුවක්” බව පෙන්වා දීමේ උත්සාහයකි. එහෙත් ඉන් ඇමරිකාවට හානි එල්ල වී තිබේ. 

චීන නිෂ්පාදිතවලට එරෙහි අතිරේක තීරුබදු පැනවීමෙන්, මේ දක්වා ඇමරිකානු ව්‍යවසායන්ට හා පරිභෝගිකයන්ට සමස්ත වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 221 ක අලාභයක් සිදු වී ඇති බව රොයිටර්ස් පුවත් ඒජන්සිය පසුගිය 14 වනදා නිකුත් කළ වාර්තාවක දැක්වේ.ඇමරිකානු ජනතාව ඉන් විශාල පීඩාවට ලක්වී සිටින බව පැහැදිලිය. 

Moody's සමාගමේ තක්සේරුවට අනුව,ඇමරිකානු පාරිභෝගිකයින්ට චීනයට එරෙහි පනවා ඇති අමතර තීරුබදු පිරිවැයෙන් 92%ක් දැරීමට සිදුවේ. ඉන් පවුලකට වසරකට අතිරේක වශයෙන් ඩොලර් 1,300ක් වැය කිරීමට සිදුව ඇත. ඊට අමතරව, ඇමරිකාවේ Tax Foundation නමැති සංවිධානයේ සංඛ්‍යාලේඛනයට අනුව, චීනයට එරෙහි අතිරේක තීරුබදු පැනවීම ඇමරිකානු ශ්‍රමිකයන්ගේ රැකියා නියුක්ති ප්‍රශ්නයට විසඳුමක්  නොව,  එරට රැකියා අවස්ථා 142,000 ක් අහිමි වීමට ද තුඩු දී තිබේ.

තීරුබදු හරහා චීන ව්‍යවසායන් හා අදාළ කර්මාන්තවලට පහර එල්ල කිරීමේ ඇමරිකානු උත්සාහය නිෂ්ඵල වනු ඇත. සිය වැරිදි ක්‍රියාව වහාම නිවැරදි කරමින් චීනයට එරෙහි සියළු අතිරේක තීරුබදු ඉවත් කිරීමට ඇමරිකා‍ව ක්‍රියා කළ යුතු බව පැහැදිලිය.

ගුවන් විදුලිය
20241015අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම