‘චීන මාධ්‍ය සමූහයේ 2024 මැද සරත් උත්සව සංස්කෘතික හා කලා ප්‍රසංගය’ බෙයිජිං වේලාවෙන් හෙට(17) රාත්‍රීයේ 8ට විකාශය කෙරේ.
චීන සාම්ප්‍රදායික සංස්කෘතිය විදහා පාන නැටුම් ගැයුම්, සාම්ප්‍රදායික ඔපෙරා, සංගීත යනාදී කලාංග ඇතුළු නව්‍ය අංග රැසකින් එය සමන්විතයි. සංකල්පමය, සංස්කෘතිකමය හා විද්‍යා තාක්ෂණය පිළිබඳ සුසංයෝගී සුන්දරත්වයක්, ප්‍රේක්ෂකයින් වෙත ගෙන දීමට අපේක්ෂා කෙරේ.
17 වනදා රාත්‍රී 8ට එම වැඩසටහන, චීන මාධ්‍ය සමූහයට අයත් රූපවාහිනී හා ගුවන් විදුලි නාළිකාවලින් මෙන්ම, එහි වෙබ් අඩවි, ඡංගම දුරකථන යෙදවුම් හා CGTN ජාලයෙන් ද සමකාලීනව විකාශය කෙරේ.
එමෙන්ම ‘CCTV+ වීඩියෝ පුවත් ඒජන්සිය’ විසින්, ශ්‍රී ලංකාවේ Daily Mirror , ඇමරිකාවේ ODK Media, කෙන්යාවේ Switch TV, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ China Arab TV ඇතුළු විදේශ රටවල ප්‍රධාන මාධ්‍ය හරහා එම වැඩසටහන ප්‍රවර්ධනය කිරීමට ද නියමිතව ඇත.