සර්බියාවේ ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාවට පෙර සේම ගරු කරන බව චීනය පවසයි.
චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් ඒ බව ප්‍රකාශ කළේ මෑතකදී Kosovo ප්‍රදේශයේ උග්‍රවූ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් අද(16) මාධ්‍ය වේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. Kosovo ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳව සර්බියානු ජනාධිපති Aleksandar Vučić මහතා රූපවාහිනී දේශනයක් කරමින් දැඩි ප්‍රතිචාරයක් දක්වා ඇති බව ද එම මාධ්‍ය වේදියා සඳහන් කළේය.
සෑමවිටම සර්බියාවේ ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාවට ගරු කරන චීනය, Kosovo ප්‍රදේශයේ වාසය කරන සර්බියානු ජනවාර්ගිකයින්ගේ සුරක්ෂිතතාව හා නීත්‍යනුකූල අයිතීන් සහතික කළ යුතු යැයි ද අදහස් කරන බව එම ප්‍රකාශකයා අවධාරණය කරයි. ඒකපාර්ශ්වික මෙහෙයුම්, ප්‍රශ්නය විසඳීමට අහිතකර වන අතර කලාපීය ස්ථාවරත්වයට ද එය බලපානු ඇත. අදාල පාර්ශ්වයන් ප්‍රායෝගික හා සංවර්ධනාත්මක සංවාද පවත්වමින් Kosovo ප්‍රශ්නයට තිරසර විසඳුමක් සොයා දීමට උත්සාහ දැරිය යුතු බව ද ඔහු පැවසීය.