ඇමරිකානු ආරක්ෂක අංශ හිටපු ජනාධිපති, රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන කුමන්ත්‍රණයක් ව්‍යර්ථ කරයි.
ඇමරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය ඊයේ(15) පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය. ඊයේ පස්වරුවේ Florida ප්‍රාන්තයේ West Palm Beach හිදී ට්‍රම්ප් මහතා ඝාතනය කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක විය. එහිදී ට්‍රම්ප් මහතාට හානියක් සිදු නොවූ අතර ඝාතන කුමන්ත්‍රණ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.
15වැනිදා පස්වරුවේ ට්‍රම්ප් මහතා සිය ජාතික ගොල්ෆ් ක්‍රීඩා සමාජය අසල සිටියදී මෙම සිද්ධිය සිදුවිය. සැකකරු ක්‍රීඩාංගනයේ වැටේ සිට, ගොල්ෆ් ක්‍රීඩා කරමින් සිටි ට්‍රම්ප් මහතා දෙසට තුවක්කුවක් එල්ල කර තිබේ. වහා ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශයේ සේවකයෙක් එම පුද්ගලයාට වෙඩි තබා තිබේ. එහිදී ඔහු පලා ගොස් ගිය අතර පසුව අසල්වැසි Martin කෝරළයේ දී එම පුද්ගලයා අත් අඩංගුවට පත්ව ඇත. සිද්ධියෙන් කිසිවකුටත් තුවාල සිදුවී නොමැත.